About Us - Sinhala

වෙල්ලස්ස යනු ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට අපරට බ්‍රිතාන්‍යන්ගේ යටත් විජිතයක් වන තුරුම, හෙළයේ අභිමානය නැංවු මහා ශිෂ්ඨාචාරයේ මුල් පින් බිමයි.
පණ්ඩුකාභය කුමරුගේ සිට වළගම්බා සමය දක්වාම රට එක්සේසත් කලෝ වෙල්ලස්සේ පුත්හු විය.
අනුරාධපුර පොළොන්නරු මහා රාජධානි වලට ජීවය ,ශක්කිය සැපයුනේ වෙල්ලස්සෙනි.
නමුත් 1818 නිදහස් සටනින් පසු මේ පින් බිමේ ඉසුරුමත් බව උඩුකුරු යටිකුරු සේ පෙරළිණි.
විරුවෝ         01.           සුද්දන්ට දුවන්නට පහර දුන් වෙල්ලස්සේ රණ විරුවෝ සුද්දන්ගේ දෘදාන්ත මර්ධනයට ගොදුරු වී 
                        සටන අත්හැර දැමුහ.
                    02.           එයින් දිරිමත් වු සද්දේ අපගේ සංස්කෘතියට ආර්ථිකයට ආගමට මෙන්ම භාෂාවටද මහත්
                        සංනාරයක් සිදු කළහ.

එම හානිය පරම්පරා ගණනක් තිස්සේ, සුද්දන් ගෙන් පසුව ආ කළු සුද්දෝ ද පෝෂණය කළහ.
එහි ප්‍රතිඵලයක් ලෙස අද වෙල්ලස්ස යනු,
·         ලංකාවේ දුප්පත්ම පෙරදේශයවිය.
·         අවම උගතුන් හා බුද්ධිමතුන් සිටින ප්‍රදේශය විය.
·         ලංකාවේ දුෂ්කරම දිස්ත්‍රික්කය වෙයි.
·         එක පුද්ගල ආදායම අඩුම ප්‍රදේශයයි.
බ්‍රිතාන්‍යන් අපගේ මහා සංස්කෘතිය විනාශ කිරිමට කල කී දෑ නම්,
·         සිංහලයා පන්සලින් ඈත් කළහ.
·         ඔවුන් සිංහල ජාතිය හා සංස්කෘතිය අවතක්සේරු කළහ. එය අනුගමනය කරන්නට උසස් තත්වයන් ලබා දුන්හ. (අදටත් සිංහලෙන් කථාකිරිමට ලජ්ජාවන සිංහලයන් කොපමණ සිටිත්ද )
·         බටහිර සංස්කෘතිය ජීවිතයට ඔබ්බවා , අපගේ වසර දහස් ගණනක සංස්කෘතිය තිබු මහා අධ්‍යාත්මික ගුණ වගාවන් විනාශ කළහ.
·         ඔවුන්ගේ බටහිර අධ්‍යාපන ක්‍රමය තුළ සිංහලයා අතරමං කර, අප පරාධීන ස්වාධීන සිතුවිලි නැති ජාතියක් බවට පත් කළහ.
·         අපගේ ස්වයං පෝෂිත දේශිය ආර්ථික රටාවන් උඩුයටිකුරු කර සිංහලයන් විදේශිකයන්ගෙන් යැපෙන රාජ්‍යක් කළහ.
·         ඹවුන් සිදුකළ පාරිසරික විනාශයන්ට අදත් සිංහලයන් වන්දි ගෙවමින් සිටි.
එයින්මිදිමටඅපකුමක්කළයුතුද?
·         සිංහල ජාතිය අභිමානවත් ජාතියක් බව ඔවුනට පසක් කළයුතුය. (ඉතිහාසය තුළින් එත්තු ගැන්විය යුතුය.)
·         ස්වයං පෝෂිතභාවය යළිත් ඇති කළ යුතුය.
·         බෞද්ධයා පන්සල් තුළට යළි ඇද්ද විය යුතුය.
2018 ‍වෙල්ලස්සේ කැරුල්ලට 200 වසරක් පිරෙන මේ මොහොතේ දැන්වත් අප නැගී සිටිය යුතුය.
            ඒ සඳහා වෙල්ලස්සේ වීර පුතුන් අවධිකිරිමේ කර්තව්‍යයට  ඉන්දු විල වෙල්ලස්සේ හඬඅපි පෙළගැසෙමින් සිටින්නෙමු.
එය කිසිදු දේශපාලනයක නෙයෙදෙන ස්වාධීන සිවිල් සංවිධානයකි.
පරමාර්ථ -: ඉංග්‍රීසීන්ගේ වෙල්ලස්ස සංහාරයත් ඉන්පසුවත් අපට අහිමි කළ ජාතික, ආගමික , සංස්කෘතික
                 අභිමානය යළි නඟා සිටුවීමට කටයුතු කිරිම හා වෙල්ලස්සේ හෙළ පරපුර වර්ධනය කිරීමට කටයුතු
                 කිරිම.
අරමුණ -:
·         සිංහල ජාතිකත්වය හා බෞද්ධකම පුනර්ජීවනය කිරීම.
·         වෙල්ලස්සේ සංස්කෘතික දායාද රැකගැනීම හා වර්ධනය කිරිම.
·         ආර්ථිකය වර්ධනය කිරිම.
·         ජනතාවට අවශ්‍ය සමාජ සුභ සාධන කටයුතු සිදු කිරිම.
·         පරිසරය හා භූමිය රැක ගැනීම .
·         වෙල්ලස්සෙන් ආරම්භ කළ හඬ හා යලි පිබිදීම දීප ව්‍යාප්තව විකාශය කිරිම.


1 comment:

1818 - Wellassa Karalla