ඓතිහාසික වෙල්ලස්ස, වර්තමාන
ඌව පලාත
පිළිබඳ ප්‍රථම වරට ඉතිහාසයේ
සඳහන් වන්නේ මහා
විජයබා රජුගේ පුණ්යකර්ම පිළිබඳ
වර්ණනා අවස්ථාවේදී බව
මහාවංශයේ 60 වන
පරිච්ජේදය අධ්යනයෙන් පැහැදිළි වේ.
පැරණි බිම් බෙදීම්
අනුව රුහුණු රටට
අයත් වූ ඌව
වර්ග සැතපුම් 3,271 පමණ
විශාලත්වයකින් යුක්තය.
කිරිදිඔය, මැණික්
ගඟ, කුඹුකන්ඔය, විල්ඔය, හැඩඔය, ගල්ඔය යන
ප්‍රධාන
ගංගා පදනම් කරගත්
ජලවහනය ඌව සරුසාර
බිමක් කිරීමට පෙරමුණ ගෙන සිටී.
පුරාණයේ සිටම ගංගා
ආශ්‍රිතව
හා ජල මාර්ග
හරස්කරවා වැවු අමුණු බන්දවා කුඹුරු
අස්වැද්දීම හේතුකොටගෙන ඌව
පලාත විශාල වෙල්
යායක් බවට පරිවර්තනයව තිබින. එක්
එක් වැව් ආශ්‍රිතව
වෙල් ලක්ෂයක් ඇතිවූ
හෙයින් මෙම පෙදෙස
වෙල්ලස්ස වූ බව
ප්‍රකට කරුණකි. සද්ධාතිස්ස
කුමරු සිය සොයුරු
දුටුගැමුණු රජුගේ යුධ
ව්යාපාරයට අවශ්‍ය වූ
ආහාර සැපයීමට අස්වද්දන
ලද්දේ මෙම වෙල්ලස්ස
ඇතුළු දිගාමඩුල්ල ප්රදේශයයි.
ඒ අනුව දුටුගැමුණු
පුත් සාලිය උපන්දා
අනුරාධපුරයට වෙල්ලස්සෙන් ද සහල් ප්රවාහනයවන්නට ඇත.
මේ ප්‍රදේශයේ ඇති බුත්තල
ඒ නමින් හැදින්වූයේ පෙර මෙහි
දාන වෘත ඇති
දන්සලක් වූ හෙයිනි.
පසුව බත්හල බුත්තල
වී ඇත.
එකල වෙල්ලස්සේ සෑම
ගෘහයක්ම ධාන්යාගාරයක්
විය. වී බිස්ස
ගෘහාංගයක් විය. සුවදහැල්, රත්හැල් ආදී වී
වර්ග ද, මහ
උඳු, සුළු උඳු, වනමෑ, පිදුරු මෑ, කළු මෑ, වටමුං, තුනැස් මුං, පුහුල්, කොමඩු, තියඔරා, කුරක්කං, ඉරිගු, කොස්, දෙල්, දොඩම්, නාරං ආදී බෝගයන්ගෙන්
පලබර වීමෙන් ද, කලක් ශ්‍රී දලදා වහන්සේගේ ආරක්ෂිත භූමියක්
වි පාරිශුද්ධත්වයට පත්වූ
වෙල්ලස්සේ හැදීවැඩුනේ ද රටට ජාතියට පෙම්බැදි, ගුණනුවනින් හෙබි සාඩමිබර
නිර්භීත පරපුරකි. අතීතයේ ථෙරපුත්ථාභය, ඛඤ්ජදේව, වේළුසුමන, ගෝඨයිම්බර, භරන ආදී දුටුගැමුණු
රජුගේ දසමහා
යෝධයන්ගෙන් බොහෝ දෙනෙක්
මේ ප්‍රදේශයේ ජන්ම ලාභීන්
වීම ඊට හොදම නිදසුනකි.
වර්ශ 1815 මාර්තු
2වනදා සිට ඉංග්‍රීසින්ට ලංකාව්
බලය අත් වූ
දා සිට ඔවුන්ගෙන් සිදු වූ
අකටයුතුකම් හා දුර්දාන්ත
පාලනය ඉදිරියේ වෙනතක්
බලාගැනීමට තරම්
වෙල්ලස්සේ ජනයා නිවට
නොවූහ. ඉංගී්රසීන් ගිවිසුමේ ප්‍රකාර පොරොන්දු කඩකිරීම, බදු
නියමකිරීම ඔස්සේ ක්‍රමයෙන් අපරටේ
වූ සම්පත් හා
ශ්‍රමය සූරාකමින් ලක්වැසියන්
සුද්දන්ගේ වහලූන් බවට
පත්වීම ඉවසා දරා
සිටීමට සිංහලූන්ට
නොහැකිවිය. ඒ මත
ඉංග්‍රීසීන්
කෙරේ වෛරයක් ගොඩනැගෙමින් තිබිණි. බි්රතාන්ය යටතට
පත් උඩරට ප්‍රදේශවල පාලනය
ගෙනයාම සදහා රොබට් බ්රවුන්රිග් ආණ්ඩුකාරයා විසින් රෙසිඩන්ට් හෙවත් නිත්‍ය නේවාසික නිලධාරියකු වන
ජෝන් ඩොයිලි පත්කරන
ලදී. ඔහු උඩරට
යටත්කරගැනීමේ ක්රියාදාමයේ දී
බොහෝ වෙහෙස වූ
අයෙකි. උඩරට ඉංග්‍රීසීන්ට අත්වීමට
ඉඩහැරීම මෙතෙක්
පෙර නොවූ වැරුද්දක්
බව සිංහල ජනතාවට
අවබෝධවන්නට වැඩිකල් ගත
නොවීය.
ශතවර්ශ ගණනාවක් තිස්සේ
දේශිය සභ්යත්වය
සමග කාවැදී තිබුණු
රාජාණ්ඩු පාලනය
අහිමිවීම සමස්ත ජනතාවට
තදින් දැනෙන්නට විය.
රජු අහිමිවීම හේතුවෙන් සියලූ ජනතාව
තුල තිබුනේ කනස්සල්ලකි.
නිතර දෙවේලේ දකින්නට
ලැබෙන, තමන්ගේ දුක්ගැණවිලි ඉදිරිපත්කිරීමට සිටින
රජු වෙනුනට ලක්
වැසියනට 1815 සිට සිටියේ සැතපුම් ගණනක් ඈත
දුර රටක වාසයකරන
තම ජාතියේවත් නොවන
නන්නාදුනන පුත්ගලයෙකි. උඩරට
රජු අහිමි වීමෙන්
භික්ෂූන් වහන්සේ, රදල
ප්‍රධානීන්
ඇතුළු සමස්ත මහජනතාවම කම්පාවට පත්විය.
1815 දී උඩරට ගිවිසුමට
අත්සන් තබා සිය
ගමරට බලාගිය
හිමිනමක් ස්වකීය රජු
පෙරමුණේ තබා ගමන්ගන්නා
කූඹි රැලක් දැක
මෙසේ පවසා
තිබේ.
‘‘අනේ කූඹියනේතොපට රජෙක්
ඉන්නේ - අපට නෑ
ඉන්නේ
ඒ නිසාවෙන් අප
තැවෙන්නේ - අපේ කරුමේද
මේ වන්නේ
රජෙක් ලැබුනෝතින් - කැවුම් කිරිබත්
කන්නම්
පෙරහැර පාන්නම් - සාදු නදෙන්
ගිගුම් දෙන්නම්’’
රජු අහිමිවීමෙන් ඇතිවූ
සන්තාපය මින් මනාව
පැහැදිලි වේ.
ඉතිහාසය පුරා ලක්වාසීන්ගේ
ඉමහත් ගෞරවාදරයට පාත්රවූ භික්ෂූන් වහන්සේලාගේ හා
බුදුසසුනේ ආරක්ෂාවට, අභිවෘද්ධියට
1815 ගිවිසුමේ
ප්‍රකාර අනුග්‍රහය ඉංග්‍රීසීන්ගෙන් නොලැබුනි.එයට
ප්රබලව
බලපෑෙවි ඉංග්‍රීසින් ක්‍රිස්තු භක්තිකයන්
වීමයි.මොවුන් ක්‍රිස්තියානි ආන්ඩුවක්
යටතේ රදලයන්ගේ දරුවන්ට බටහිර අධ්යාපනය ලබා දීමට
සෙමනේරියක් පිහිටුවීමටද අදහසක්
විය.ඒ අනුව රටවැසියා ක්‍රිස්තු භක්තිකයන්
කිරීමට තැත් කිරීමද
භික්ෂූන් වහන්සේලාට ඉංග්‍රීසීන්
කෙරේ වූ අප්‍රසාදය වැඩිවන්නට
හේතු පාදක විය.උඩරට රජකම තමාට පවරනු ඇතැයි
බලාපොරොත්තුවෙන් උඩරට
ආක්රමනයට
ඉංග්‍රීසින්ට
බොහෝ සෙයින් උපකාරකළ ඇහැලේපොල අධිකාරම්ට
ඔහු බලාපොරොත්තු වූ
පරිදි රජකම නොලැබුනි. ඉංග්‍රීසීන්
ඔහුව අස්වැසීමට විවිධ
ක්‍රියාමාර්ග
ගත්ත ද ඔහු
උඩරට රජකම මිස වෙන කිසිවක්
පිළිගැනීමට සූදානම් නැතිබව
ආන්ඩුකාරයාට දැන්වීය.
ඉංග්‍රීසි
උසස් නිලධාරීන් තබා
සාමාන්‍ය සොල්දාදුවන්
වත් රදල ප්‍රධානින්ට
ගරු බුහුමන් නොදැක්වූහ.
සම්ප්‍රධායානුකූලව
පරම්පරාගත රදලයන්ට හිමිවෙමින් තිබූ නිලතල
ආන්ඩුකාරයාගේ තනි කැමැත්ත
පරිදි වෙනස් කෙරිනි.
මෙය රදල
ප්‍රධානීන්ගේ
ඉවසුම් රහිත තත්වය
උත්සන්න වීමට හේතුවිය.
ඌව වෙල්ලස්ස රදල ප්‍රධානීන්ට මුල සිටම
මෙම වරප්‍රසාද අඩුවනබවක් දක්නට
ලැබුනි. එනම් වෙල්ලස්සේ මඩිහේ ලේකම්
හා මුහන්දිරම් ලෙස
හජ්ජි මරික්කාර් නමි
මුස්ලිම් ජාතිකයකු
පත්කිරීමයි. මේ හේතුවෙන්
සිංහලයන් තුලවූ අසහනය
තවත් උත්සන්න විය. මේ ආකාරයෙන් චිරත්
කාලයක් පැවති උඩරට
උසස් නිලතල රදලවරුන්ට
හිමිවීමට තිබූ අයිතිය ඉංග්‍රීසින් නැතිකර දැමීය.
මඩිහේ බද්ධ නම්
කාර්යංශයට අයත් ගැල් විශාල ප්‍රමාණයක් මෙම
හජ්ජි සතු වූ
අතර ඔහු දීර්ඝ
කාලයක් ඩොයිලිගේ චරපුරුෂ කාර්යේදී ඔහුගේ
සිත් දිනාගත්තෙකි. වඩාත්
රාජපාක්ෂික වැසියන්
ජීවත්වූ වෙල්ලස්ස
ප්‍රදේශයට
හජ්ජි පත්කිරීම නිදහස්
සටනට මුලපිරීමට හේතුවූ
එක් කාරනයක්
විය. එම තනතුරට
පත්වූ හජ්ජි ඌෙවි
දිසාවගේ අණ ද නොතකා ක්රියාකරන්නට විය.
මෙම සිදුවීම් අතරතුර
වෙල්ලස්සේ විශේෂ කටයුත්තක්
සිදුවෙමින් තිබුනි. රාජාධිරාජසිංහ
රජ පරපුරට නෑකම්කියන
දොරේසාමි කතරගම දේවාලයේ
දී ලැබුණු වරමක් අනුව වැදි
හමුදාවක් ද සමග
වෙල්ලස්සට සමිප්රාප්ත විය. සිංහල
ජන කොටස් ද බූටෑවේ රටේරාල ප්‍රධානකොටගෙන දොරේසාමි
වෙත යොමුවෙමින් සිටියහ.
බදුලූ ප්‍රදේශයේ කෙහෙල්මුල්ල
නම් ස්ථානයේ සැඟව
සිටින දොරේසාමි අල්ලාගැනීමට බදුල්ලේ ඒජන්ත
විල්සන් ඇතුළු මුස්ලිම්
පිරිසක් පිටත්කළ අතර
ඔවුන් දොරේසාමිගේ
සහකරුවන් පිරිසක් අල්ලා
බදුල්ලට පිටත්කිරීමට සමත්
වූහ. මෙය සිදුවූයේ බදුල්ලේ ඉනාවැල්ල
නම් ස්ථානයේ දී
ය. ජයග්රාහීලෙස දොරේසාමි සොයා ඉදිරියට පැමිණි
හජ්ජි ඇතුළු පිරිස
බූටෑවේ රටේරාල හා
ඔහුගේ පිරිසගේ අත්තඩංගුවට පත්විය.ඔවුන්
දොරේසාමිවෙත ඉදිරිපත් කිරීමෙන්
පසු හජ්ජි මරික්කාර් මරා දැමීමට
තීරණය කරන ලදී.
මෙම පනිවිඩයෙන් කෝපාවිශ්ට
වූ බදුල්ලේ ඒජන්තවූ
විල්සන් ලූතිනන් නිව්මන් කාපිරි හමුදා
සේනාංකයක් ද සමග
ඉනාවැල්ල බලා පිටත්විය.
නමුත් බූටෑවේ රටේරාල ඇතුළු පිරිස
අල්ලාගැනීමට අපොහොසත්වූ ඔවුහු
ඉදිරියට ගමන්ගනිද්දී ඊතණවත්ත දේවාලය අසලදී
සිංහල සටන්කරුවන්ගේ හීපහරකින්
විල්සන් මරුමුවට පත්විය.
පසුව ඔහුගේ
හිස කඳින් වෙන්කර
හෙල්ලයක අමුනා බාරයක්
ඔප්පු කිරීම සඳහා
ඊතණවත්ත දේවාලයට
රැගෙනගිය බව ජනප්රවාදයේ එයි.
ඉතිරි ඉංගී්රසි සේනාංක සිංහලයන්ගේ දැඩි ප්‍රහාර මධ්යයේ නැවත බදුල්ලට
පසුබැසීය. අද වුව
ද වෙල්ලස්ස ප්‍රදේශයට
පැමිනෙන්නකුට ඉහත සිදුවීම්
සිදු වූ ස්ථාන
දැකබලාගත හැකිය.
පසුව මේ පිලිබඳ
ආරංචියෙන් කලබලයට පත්
ඩොයිලි කැරැල්ල පැතිරීම
වැලැක්වීමට අවශ්‍ය පියවර ගත්තේය.
කොළඔ හා සෙංකඩගල
අතර සම්භන්දතා
ආරක්ශිතව පවත්වාගෙනයාම
සඳහා මහාදිකාරම් මොල්ලිගොඩට
පැවරීය. මරුමුවට පත්
වූ විල්සන්ගෙන්
පුරප්පාඩු වූ ඌව
ඒජන්ත ලෙස සයිමන්
සෝවර් සේනාංකයක් ද සමග පිටත්කර
යවන ලදී. වෙල්ලස්ස
දිසාව වූ මිල්ලෑව
හා ඌව දිසාව
වූ කැප්පෙටිපොල සිය දිසාවලට පිටත්කර
හැරීය. මේ සිදුවීම්
අතරතුර ත්‍රිකුණාමලයේ සිටි බ්රවුන්රිග්
සෙංකඩගලට පැමිණ 1817
ඔක්තොබර් 25 සිට
හමුදා කටයුතු මෙහෙය වීය. ඒ අනුව කැරලි මැඩලීමට
කැප්පෙටිපොලගේ ප්‍රධානත්වයෙන් සේනාංකයක් වෙල්ලස්සට යැවීය.
කැප්පෙටිපොල දිසාව හමු
වූ බූටෑවේ රටේරාල
ඔහුට කරුණු පැහැදිලි කරදීමට සමත්
වූ අතර මෙම
සටන ඉංග්‍රීසින්ගෙන් රට මුදාගෙන
පෙර තිබූ නිදහස් නිවහල් බව
නැවත ඇතිකිරීම සදහා
වන්නක්ම බව කැප්පෙටිපොලට
මනාව අවබෝධ විය. ඒ අනුව
තමාසතු අවිආයුධ තමා
සමග පැමිණි ඉංග්‍රීසි සේනාංකයට
බාරදී ඔවුන්
නැවත හරවා යවා
1817 නොවැම්බර් 1 දින අළුපොත දී
සටන්කරුවන්ට එක්වූයේ විශාල අභියෝග, වගකීම්
රාශියක් සියතට ගනිමිනි.
කැප්පෙටිපොල උඩරට ප්‍රධාන රදල පවුලකට අයත්
ප්‍රබලයකු
වූ හෙයින් බ්රවුන්රිග් මේ
පිලිබඳ බෙහෙවින් කම්පා විය.
No comments:
Post a Comment